බණ්ඩාරවෙල කොට්ඨාශයේ සිදුවිය හැකි ආපදා අවස්ථාවන්

බණ්ඩාරවෙල කොට්ඨාශය තුළ පසුගිය වසර 15ක කාලය තුළ සිදුවූ ආපදා තත්වයන් සළකා බැලීමේදී සිදුවූ උවදුරු අතර නාය යාම්, ගල් පෙරළීම්,සුලි සුළං සහ කැළෑ ගිනි ප්‍රමුඛස්ථානයක් ගනී. මේ නිසා ජීවිත අහිමි වීම්, දේපළ හා වගා හානි වාර්තා වී ඇත.ඉදිකිරීම් කර්මාන්තයේදී සහ කෘෂි කර්මාන්තයේදී යෝග්‍ය ඉදිකිරීම් සැලසුම් සහ මනා භූමි පරිහරණය පිළිබඳව නිසි අවධානය යොමු නොකිරීම මෙම ආපදාවන්ට යම් ආකාරයෙන් දායකවූ බවට සාධක තිබේ.

මීට අමතරව මෑත කාලයේ ආරම්භවූ උමා ඔය බහුකාර්ය යෝජනා ක්‍රමය හේතුවෙන් බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් 31කට අහිතකර බලපෑම් ඇතිවූ අතර ඒ හේතුවෙන් ප්‍රදේශයේ නිවාස ඉරි තැලීම්, ළිං සිඳීයාම්, භූමියේ පැලීම්, ජල මූලාශ්‍ර සිඳීයාම්, වගා හානි ඇතුළු ප්‍රදේශයේ බරපතල සමාජ ආර්ථික ගැටලු රාශියක් පැනනැගීණි.

ඉදිරියේදී ඇතිවිය හැකි ඕනෑම හදිසි ආපදා තත්වයකදී පැය 24 පුරා ක්‍රියාත්මක වීම සඳහා ප්‍රාදේශිය ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් හදිසි ආපදා මෙහෙයුම් ඒකකයක් ස්ථාපිත කර ඇත. එවන් අවස්ථාවකදී පළමුවෙන්ම ඔබේ ප්‍රදේශයේ ග්‍රාම  නිලධාරි මහතා සහ ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලයේ ආපදා සහන සේවා නිලධාරිතුමා සම්බන්ධකර ගැනීමට කටයුතු කරන්න.

හදිසි ආපදා අවස්ථාවකදී භාවිතා කළහැකි දුරකතන අංක

හදිසි ඇමතුම් කෙටි අංකය : 117

ප්‍රාදේශිය ආපදා කළමණාකරණ ඒකකය
ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, බණ්ඩාරවෙල.
ආපදා කළමණාකරණ නිලධාරි
එන්.එම්.නලින් ශ්‍රීකාන්ත මහතා
071-6039367
divider line png
දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, බදුල්ල.
සහකාර අධ්‍යක්ෂ
ඊ.එම්.ලාල් උදයකුමාර මහතා
077-3957880
divider line png
ආපදා කළමණාකරණ අමාත්‍යාංශය
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය
0112136222
0112670002
ෆැක්ස්: 0112878052
පොදු අංකය
0112136136
0112670025
 
ලිපිනය: ආපදා කළමණාකරණ අමාත්‍යාංශය, 120/2, විද්‍යාල මාවත, කොළඹ 07.
විද්‍යුත් තැපෑල: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
divider line png

News & Events

16
ජූනි2026
අයිස්ක්‍රීම් දන්සල

අයිස්ක්‍රීම් දන්සල

බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා බණ්ඩාරවෙල ආබාධිත...

15
ජූනි2026
The second financial assistance under the President's Fund's

The second financial assistance under the President's Fund's

The second financial assistance under the President's...

Scroll To Top