සමාජ සේවා අරමුදලෙන් වෛද්‍යාධාර ලබාගැනීම
සමාජ සේවා අරමුදලෙන් වෛද්‍යාධාර ලබාගැනීම
බරපතල සහ සුව නොවන රෝග වලින් පෙළෙන්නන් සඳහා ඖෂධ මිලදී ගැනීමට වැයවන මුදල පියවා ගැනීම සඳහා මේ යටතේ ආධාර ලබාදෙන අතර එක් අයෙකුට තම ජීවිත කාලය තුළ මෙම අවස්ථාව හිමි වන්නේ එක් වරක් පමණි.
මේ සඳහා ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන
- ඉල්ලීම් කිරීමේ ලිපිය
- සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය
- රජයේ රෝහලකින් නිකුත් කළ රෝග විනිශ්චය තුණ්ඩුව
- රජයේ රෝහලක වෛද්‍යවරයෙකු විසින් නිකුත් කළ ඖෂධ වට්ටෝරුව
- ඖෂධ මිලදීගත් බිල්පත
හඳුනා නොගත් වකුගඩු රෝගයට ගොදුරුවූ පවුල්වල උසස්පෙළ හදාරන දරුවන්ට ශිෂ්‍යාධාර ලබාගැනීමට ඉල්ලුම් කළ හැකිය.