රාජ්‍ය ප්‍රසම්පාදනය

දැක්ම : කාර්යක්ෂමතාවයෙන් යුත් විධිමත් ප්‍රදම්පාදන ක්‍රියාවලියක් තුළින් කොට්ඨාසයේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම.

මෙහෙවර : උපරිම ආර්ථික වාසි සැලසෙන ආකාරයට විනිවිදභාවයෙන් යුතු රාජ්‍ය මූල්‍ය රෙගුලාසිවලට අනුකූල ප්‍රසම්පාදන කටයුතු තුළින් කොට්ඨාසයේ ජනතාවට උපරිම වාසි අත්කර දීම.

 

ප්‍රසම්පාදනය යනු

මහජන මුදලින් හෝ ණය, ප්‍රදාන,ත්‍යාග, පරිත්‍යාග, ආයතන මුදල් හෝ වෙනත් සාමාන්‍ය ලැබීම් මගින් හෝ විදේශීය අරමුදල් වලින් ඉතාම සුදුසු ආකාරයට අස්ථිත්වයක් විසින් වැඩ, භාණ්ඩ හෝ සේවා ලබා ගැනීමයි.

යෙදවුම් වර්ග

  • වැඩ - පාළම්, ගොඩනැගිලි, වරායන්, මහාමාර්ග ආදිය
  • භාණ්ඩ - සමජාතීය උපකරණ, ද්‍රව්‍ය සහ සැපයුම්, වාණිජ භාණ්ඩ ආදිය 
  • සේවා - විශේෂඥ උපදෙස්, පුහුණුව, ගොඩනැගිලි නඩත්තුව, පරිගණක වැඩසටහන් සම්පාදනය

 

ප්‍රසම්පාදන ක්‍රියාවලියේ අරමුණු

  • උපරිම ආර්ථික වාසි සැලසෙන ආකාරයට නියමිත කාලයට ගුණාත්මක භාවයෙන් යුත් ප්‍රසම්පාදනයන් සිදුකිරීම.
  • නියමිත ප්‍රමිතීන්ට, පිරිවිතරවලට, රීතිවලට, රෙගුලාසිවලට සහ යහපත් පාලනයට අනුකූලව කටයුතු කිරීම
  • උනන්දුවක් දක්වන පාර්ශවයන්ට සාධාරණ, සමාන හා උපරිම අවස්ථාව ලබාදීම
  • කඩිනමින් භාණ්ඩ හා සේවා සැපයීම
  • දේශීය නීති රීති හා විදේශීය බැඳීම් වලට අනුකූලව කටයුතු කිරීම
  • විනිවිදභාවය හා නිත්‍යභාවය පවත්වාගැනීම
  • තොරතුරුවල රහස්‍යභාවය සුරැකීම

 

ප්‍රසම්පාදනයේ ආචාරධර්ම

  • රහස්‍යභාවය
  • සම්බන්ධතා පිළිබඳ අනුකූලභාවය
  • දූෂණ ක්‍රියා නොකළ යුතු බව
  • ත්‍යාග හෝ පෙළඹවීම් භාර නොගත යුතු බව

 

ප්‍රසම්පාදන ක්‍රියාවලිය

  1. ප්‍රසම්පාදන පූර්ව ක්‍රියා සැලසුම් කිරීම
  2. ලංසු කැඳවීමේ ලේඛන සැකසීම
  3. ලංසු ආරාධනාව
  4. ලංසු කැඳවීම අවසන් කිරීම හා ලංසු විවෘත කිරීම
  5. ලංසු ඇගයීම
  6. කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම

 

News & Events

16
ජූනි2026
අයිස්ක්‍රීම් දන්සල

අයිස්ක්‍රීම් දන්සල

බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා බණ්ඩාරවෙල ආබාධිත...

15
ජූනි2026
The second financial assistance under the President's Fund's

The second financial assistance under the President's Fund's

The second financial assistance under the President's...

Scroll To Top